ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශ්වසනීයම මංගල සේවය මින්දද මංගල සේවය හරහා ඔබට, ඔබගේ දුවට පුතාට සහෝදරයාට සහෝදරියට මිතුරාට වයසින්, කුලයෙන්, ආගමෙන්, ජාතියෙන්, අධ්‍යාපන මට්ටමෙන්, රැකියාවෙන්, අදායම් මට්ටමෙන් ඇතුළු තවත් බොහෝ අංශවලින් ගැලපෙන සහකරුවෙක්/සහකාරියක් ඔබට සොයාදීමට කටයුතු සලස්වා තිබෙනවා.
සාම්ප්‍රදායික මංගල යෝජනා සෙවීමේ ක්‍රමය නුතන තාක්ෂනය ඔස්සේ නව මානයකට යොමුකරමින් මින්දද.lk වෙබ් අඩවිය හා මින්දද android ඇප් එක ඔබ වෙත තිලිණ කිරීමට හැකිවීම අපි ලද විශාල භාග්‍යක් ලෙස සලකනවා.
මෙහිදී අපි මුල සිට අග දක්වාම නොමිලයේ සේවාව ලබාදීම, sms පණිවිඩ හරහා යෝජනා යොමුකිරීම, සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය සහය සහිත සේවාවක් ලබාදීම වැනි ඉතාමත් නවමු මෙන්ම ඉතාමත් ආකර්ශනීය සේවා රැසක් ලබාගන්න මින්දද මංගල සේවය හරහා ඔබටත් පුළුවන්.
මීට අමතරව ඉදිරියේදී තවත් ආකර්ශනීය අංග රැසක් මින්දද මංගල සේවය වෙත එක්කිරීමට අපි බලාපොරොත්තුවෙන් සිටිනවා. මෙතෙක් කාලයක් අප කෙරෙහි තැබූ විස්වාසයට ස්තුතිවන්ත වන අතර ඉදිරියටත් අපි සමගම රැදීසිටින ලෙස ආරාධනා කරනවා.
මින්දද මංගල සේවය ආරම්භයේ සිටම කරුණු කිහිපයක් නිසා සුවිශේෂී උනා. එවකට පැවති විශාල ඌණතාවයක් වූ, සම්පුර්ණයෙන්ම සිංහල මාධ්‍ය සහය සහිත මංගල සේවා සපයන ප්‍රථම වෙබ් අඩවිය බවට අපි පත්වුණා. මීට අමතරව මෙතෙක් පැවති බහුතරයකට නුහුරු email පණිවිඩ වෙනුවට ඔබේ ජංගම දුරකථනයට sms හරහා යෝජනා පිළිබද දනුවත්කරන ප්‍රථම හා එකම සේවාව බවට පත්වන්නට අපිට හැකිවුනා.
අනතර්ජාලයතුල අද වනවිට මංගල සේවා සපයන ආයතන ඕනෑ තරම් තිබෙනවා. නමුත් අද වනතෙක් 100%ක්ම සේවාව නොමිලයේ ලබාදෙන ආයතන නෑ. ඉහත සදහන් සමහර ආයතන ලියාපදිංචි වීමේදී ගාස්තුවක් අයකරන අතර අනෙක් ආයතන පණිවිඩයක් යැවීමේදී ගාස්තුවක් අයකරයි. මින්දද මංගල සේවය ගැන සැලකීමේදී එය නොමිලේ ලබාදෙන සේවාවක් වන අතර කිසිදු ලියාපදිංචි ගාස්තුවක් අය නොකරේ.
අනතර්ජාලයතුල අද වනවිට මංගල සේවා සපයන ආයතන ඕනෑ තරම් තිබුනත් sms පණිවිඩ හරහා යෝජනා යොමුකරන සේවාවක් අදවනතෙක් ශ්‍රී ලංකාව තුල නැහැ. සමහර ආයතන email හරහා යෝජනා යොමුකලත් ශ්‍රී ලංකාව තුල email භාවිතය අවම මට්ටමක පවතින නිසා එය එතරම් සාර්ථක වන්නේ නැහැ. ඔබ මින්දද මංගල සේවය භාවිත කරන විට ඔබට ගැලපෙන යෝජනා සහ ඔබට ලැබෙන ඇරයුම් පිළිබද විස්තර sms පණිවිඩ හරහා ඔබේ දුරකථනයට යොමු කරනවා.
ශ්‍රී ලංකාව තුල සිංහල භාෂාවෙන් අන්තර්ජාල සේවා ලබාදීම දැන් ජනප්‍රියවී තිබෙනවා. එමගින් ඉංග්‍රීසි භාෂාව නොදන්නා ශ්‍රී ලාංකිකයන්ට සේවය ලබාගන්න පුළුවන්වීම ලොකු වාසියක්. මින්දද මංගල සේවය භාවිතාකරන ඔබට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් මින්දද වෙබ් අඩවිය භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව ඔබේ දුරකථනයට යොමුකෙරෙන sms පණිවිඩ වල භාෂාව සිංහල, දෙමළ, ඉංග්‍රීසි හෝ සිංග්ලිෂ් ලෙස සකස් කල හැකියි.