මින්දද මංගල සේවය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.
අප සේවාව මගින් විවාහ අපේක්ෂයින්ට තමන්ගේ සිතැගි පරිදි අනාගත සහකරු හෝ සහකාරිය තෝරාගැනීමට අවකාශය සලසා ඇත. ඉන්පසු ඉදිරියට කටයුතු කරගෙන යාම ඔබ දෙපාර්ශවයේ කැමැත්ත මත පමණක් සිදුවේ. එවැනි සම්බන්ධතාවයක් හේතුකොටගෙන කිසියම් පාර්ශවයකට සිදුවන ගැටළු හෝ මූල්‍යමය අවාසි සම්බන්ධයෙන් ආයතනය වගකියනු නොලැබේ.
තවද මෙම මංගල සේවයේ ලියාපදිංචි වී ඇති අපේක්ෂකයින්ගේ විවාහක, අවිවාහකබව, රැකියාව, ආදායම ඇතුළු විස්තර වල සත්‍ය අසත්‍ය භාවය සොයා බැලීමට අප ආයතනය කිසිදු අන්දමේ වගකීමකට බැඳී නොමැත. යම් අපේක්ෂකයෙකු සමඟ සම්බන්ධතාවයක් පටන් ගැනීමට පෙර ඔහු හෝ ඇය සපයා ඇති සියලු තොරතුරු වල සත්‍ය අසත්‍ය තාවය සොයාගැනීම තමාගේ කාර්ය භාරය හා වගකීම බව ඔබ පිළිගත යුතුය.
ඔබ මින්දද මංගල සේවය හරහා සේවය ලබාගන්නේනම් නම් පහත සඳහන් කොන්දේසි පිළිගැනීමට බැඳී සිටිය යුතුය.
ඔබගේ වයස අවුරුදු 18 කට වැඩිවිය යුතුය.
තමන්ගේ ගිණුමේ වෙනස්කම් කර ගැනීම හා ගිණුම ආරක්ෂාකාරීව පවත්වාගෙන යාම තමන්ගේ වගකීම බව සාමාජිකයා පිළිගතයුතුය. ඒ සදහා ඔබ යොදාගන්නා රහස් පදය සුරැකිව තබාගත යුතුය .
මෙහි එන දත්ත හා ඡායාරූප කිසිවක් කුමන අන්දමකට හෝ පිටපත් කිරීමට කිසිවෙකුටත් අවසර නොමැත. මෙහි පලවී ඇති යම් ඡායාරූපයක් පිටපත් කර ලබා ගැනීමෙන් එම සාමාජිකයාට යම් ගැටලුවකට මුහුණු දීමට සිදුවුවහොත් එම වගකීමෙන් ආයතනය නිදහස් වන අතර එම ක්‍රියාව සිදු කළ පුද්ගලයා ඒ සම්බන්ධ සම්පූර්ණ වගකීම බාරගැනීමට බැඳී ඇත.
සාමාජිකයෙකු විසින් ආයතනයට සපයා ඇති කිසිම තොරතුරක් පිටතට ලබා දීමට ආයතනය බැඳී නොමැත. එහෙත් නීතියේ අවශ්‍යතාවයක් මත එසේ කිරීමට සිදුවුවහොත් එයට අනුකූල වීමට අප බැඳී සිටී.
යම් සාමාජිකයෙකු විසින් තමන්ගේ නොවන ඡායාරූපයක් හෝ දුරකථන අංකයක් සහිතව ගිණුමක් ආරම්භ කොට ඇත්නම් ඒ බව ආයතනයට දුරකථනයෙන් දැනුම් දීමට හැකි අතර ආයතනය වහාම ක්‍රියාත්මක වී එවැනි තොරතුරු වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගනු ඇත.
මෙවැන්නක් කිරීමෙන් ඡායාරූපයේ හෝ දුරකථනයේ සැබෑ අයිතිකරුට විඳින්නට වන ඕනෑම අන්දමේ ගැටළුවක් සම්බන්ධ සම්පූර්ණ වගකීම එම සාවද්‍ය තොරතුරු ඇතුලත් කරගෙන සිටි සාමාජිකයා විසින් භාරගත යුතු අතර ආයතනය ඒ සියල්ලෙන්ම නිදහස් වේ.
තමන්ගේ නොවන දුරකථන අංක, තමන්ගේ නොවන ඡායාරූප, ව්‍යාජ විස්තර ගිණුමට ඇතුලත්කිරීම, මෙම සේවය තුළින් හඳුනාගන්නා අය සමඟ මුදල් ගනුදෙනු වලට සම්බන්ධ වීම, නොමනා යෝජනා කිරීම හෝ අනිසි බලපෑම් කිරීම ආදී මෙම ගිවිසුමේ සඳහන් කොන්දේසි එකක් හෝ වැඩි ගණනක් කඩ කිරිම හේතු කොට ඔබගේ ගිණුම අත්හිටවීමේ බලය ආයතනය සතුවේ
සාමාජිකත්වය අහෝසි වූ පුද්ගලයෙකුට ඔහු හෝ ඇය විසින් ආයතනයට ගෙවූ මුදල් ආපසු ගෙවීමට මින්දද ආයතනය බැඳී නොමැත.
මෙම ගිවිසුමේ සඳහන් කොන්දේසි කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව වෙනස් කිරීමේ හෝ අළුතින් කොන්දේසි එකතු කිරීමේ බලය ආයතනය සතුය.
ඕනෑම සාමාජිකයෙකු මින්දද මංගල සේවය වෙත ලියාපදිංචි වූ විට ඔහු හෝ ඇය Efito Solutions (pvt) Ltd ආයතනය සමඟ මෙම ලියවිල්ලේ සඳහන් කරුණු කාරණාවලට යටත්ව ගිවිසුමකට එළඹෙන බව සැලකෙන අතර එය කොළඹ මොරටුවහිදී නීතිගත වූ බවට සැලකේ.
මින්දද මංගල සේවය සම්බන්ධයෙන් වන සියලුම ආරවුල් වර්ෂ 1995 අංක 11 ආරවුල් බේරුම් කිරීමේ පනත යටතේ බේරුම් කරුවන් තුන්දෙනෙකු (3) ගෙන් සැදුම්ලත් බේරුම්කරන සභාවක් ඉදිරියේදී කොළඹ දී විභාගයට ගැනීමට ඔබ හා Efito Solutions (pvt) Ltd ආයතනය මෙයින් එකග වේ.