මින්දද ගිණුමක් ආරම්භ කිරීම

මින්දද මංගල සේවය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.

මින්දද.lk මංගල සේවය හරහා ඔබට වයසින්, කුලයෙන්, ආගමෙන්, ජාතියෙන්, අධ්‍යාපන මට්ටමෙන්, රැකියාවෙන්, අදායම් මට්ටමෙන් ඇතුළු තවත් බොහෝ අංශවලින් ගැලපෙන සහකරුවෙක්/සහකාරියක් ඔබට සොයාදීමට කටයුතු කරනව.

ගිණුමක් ආරම්භ කිරීම

මේ සදහා මුලින්ම ඔබ මින්දද.lk වෙබ් අඩවියේ ගිණුමක් සකස් කරගතයුතුයි. මේ සදහා ක්‍රම 3ක් ඇති අතර එයින් පහසු ක්‍රමයක් ඔබට භාවිතා කරන්න පුළුවන්

  1. Facebook ගිණුම හරහා
  2. මුල් පිටුවේ ඉහල ඇති button එක click කිරීම මගින් ඔබේ Facebook ගිණුම හරහා මින්දද ගිණුමක් ආරම්භ කිරීමට පුළුවන්. මෙහිදී ඔබේ Facebook ගිණුමේ කිසිදු විස්තරයක් මින්දද ගිණුමට ඇතුල් නොකෙරෙන අතර මෙහි වාසිය වන්නේ මින්දද ගිණුමට වෙනම රහස්පදයක් අවශ්‍ය නොවීමයි. ඔබේ ගිණුමට නැවත ඇතුල්වීමට අවශ්‍ය විට button එක click කර Facebook ගිණුම හරහා ඔබේ මින්දද ගිණුමට ඇතුල්වෙන්න පුළුවන්.

  3. Google ගිණුම හරහා
  4. මුල් පිටුවේ ඉහල ඇති button එක click කිරීම මගින් ඔබේ Google ගිණුම හරහා මින්දද ගිණුමක් ආරම්භ කිරීමට පුළුවන්. මෙහිදී ඔබේ Google ගිණුමේ කිසිදු විස්තරයක් මින්දද ගිණුමට ඇතුල් නොකෙරෙන අතර මෙහි වාසිය වන්නේ මින්දද ගිණුමට වෙනම රහස්පදයක් අවශ්‍ය නොවීමයි. ඔබේ ගිණුමට නැවත ඇතුල්වීමට අවශ්‍ය විට button එක click කර Google ගිණුම හරහා ඔබේ මින්දද ගිණුමට ඇතුල්වෙන්න පුළුවන්.

  5. ඔබේ දුරකථන අංකය හරහා
  6. මුල් පිටුවේ ඉහල ඇති මින්දද ගිණුමට ඇතුල්වීම form එකේ ඔබේ දුරකථන අංකය හා ඔබ කැමති අකුරු හෝ අංක 6කට වැඩි රහස් පදයක්(password) දී මින්දද ගිණුමක් ආරම්භ කරන්න ඔබට පුළුවන්. නැවත ඔබේ මින්දද ගිණුමට ඇතුල්වීමේදී එම රහස් පදය(password) අවශ්‍ය බැවින් එය මතක තබාගන්න.

ගිණුම සම්පුර්ණ කිරීම

ගිණුමක් සැකසීමෙන් අනතුරුව ඔබේ වයස, කුලය, ආගම ජාතිය ආදී විස්තර ලබාදී ඔබේ ගිණුම සම්පුර්ණ කලයුතුයි. මීට අමතරව ඔබ සොයන සහකරු හෝ සහකාරියගේ විස්තර ලබාගන්නවා. ඔබ කැමතිනම් පමණක් ඔබේ ඡායාරූපයක් ඇතුල් කල හැකි අතර ඡායාරූපය දිස්විය යුත්තේ කාහටද යන්න සැකසිය හැකියි.

ඔබට ලැබෙන ඇරයුම් පිළිබද විස්තර sms හරහා ක්ෂණිකව ඔබව දැනුවත් කිරීම සදහා ඔබේ දුරකථන අංකය භාවිත කරනව. ඔබේ දුරකථන අංකය ඔබේ අනුදැනුමකින් තොරව අනෙක් පාර්ශවය වෙත හුවමාරු කරන්නේ නෑ

ඔබේ මින්දද ගිණුම සම්පුර්ණවීම සදහා "මගේ ගිණුම" පිටුවේ පියවර 5ම සම්පුර්ණ කලයුතු අතර අවසන් පියවරේ "අවසන් කරන්න" button එක click කල විට "ඔබගේ මින්දද ගිණුම සැකසෙමින් පවතී. ඒ සදහා විනාඩි කිහිපයක් ගතවිය හැක" යන්න පෙන්වනු ඇති

යෝජනා සමග සම්බන්ධවීම

ඔබේ ගිණුම සම්පුර්ණ කිරීමෙන් අනතුරුව ඔබ ලබාදුන් විස්තර වලට අනුකුල යෝජනා "ගැලපෙන යෝජනා" පිටුවේ පෙන්වන අතර වැඩි විස්තර "ගිණුම" button එක click කිරීමෙන් බලාගන්න පුළුවන්. ඊට අමතරව ඔබ සහ අදාළ සහකරු අතර ගැලපීම බලාගැනීමට "ගැලපීම" button එක click කරන්න. ඇරයුම් කරන්න button එක click කිරීම මගින් අදාල සහකරුට ඇරයුමක් යවන්න පුළුවන්.

ඔබට ලැබුණු අරයුම්වලට ප්‍රතිචාර දැක්වීමට ගිණුමේ දකුණුපස ඉහල "මෙනුව" button එක click කිරීමෙන් පසු "ලැබුණු ඇරයුම්" පිටුව සදහා පිවිසෙන්න. ඔබ යොමුකළ ඇරයුම්වල තත්වය බලාගැනීම සදහා "යොමුකළ ඇරයුම්" පිටුව බලන්න. පිළිගත් ඇරයුම්වල "පිළිගෙන ඇත දුරකථන අංකය ලබාගන්න" button එක click කිරීමෙන් දුරකථන අංකය ලබාගන්න පුළුවන්.

මින්දද ගිණුමක් ආරම්භ කිරීමේදී හෝ බාවිතා කිරීමේදී ඔබට ඇතිවන ගැටළු සදහා මින්දද පාරිභෝගික සේවා සහය ලබාගන්න 0712822822 අමතන්න.

මින්දද මංගල සේවය පිළිබද වීඩියෝව